Posts

පරිගණකයේ පියා..

Image
චාල්ස් බැබේජ් චාල්ස් බැබේජ් 1860දී චාල්ස් බැබේජ් උපත 26 දෙසැම්බර් 1791 මරණය මාලිබන් , ලන්ඩනය, එංගලන්තය ජාතිකත්වය ඉංග්‍රීසි ක්ෂේත්‍රයන් ගණිතය,  විහ්ලේෂන දර්ශන විද්‍යාව , පරිගණක විද්‍යාව අත්සන                    ක්‍රි.ව. 1833 දී පමණ   චාල්ස් බැබේජ්  විසින් ඇනලිටිකල් යන්ත්‍රය ( Analytical Engine  ) නිර්මාණය කරන ලදී. මෙම ඇනලිටිකල් යන්ත්‍රයෙහි ක්‍රියාකාරීත්වය පිළිබද සලකා බැලීමේදි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ දත්ත ආදානය ( input )  තැන්පත් කිරීම ( Storage ) සකස් කිරීම ( process )  සහ ප්‍රතිදානය ( Output ) යන කාර්යයන් සිදු කිරීම සදහා අවශ්‍ය උපාංගයන් ඒ තුල නිර්මාණය වී තිබීමයි. පසු කාලීනව නිර්මාණය කරන ලද පරිගණක සදහා චාල්ස් බැබේජ් මෙම සංකල්පය බොහෝ සෙයින් ඉවහල් වූ අතර ඒ නිසාම චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙසින් සලකනු ලබයි.

තොරතුරු තාක්ෂණයේ ඉතිහාසය...

Image
ඇබකසය ක්‍රි.පූ.3000 දී පමණ චීන ජාතිකයින් විසින් සංඛ්‍යා එකතු කිරීම් සහ අඩු කිරීම් සිදු කල හැකි ඇබකසය නම් උපකරණයක් භාවිතා කරන ලදී.තවද මිනිසා විසින් නිර්මාණය කරන ලඳ පලමු ගණන යන්ත්‍ර‍ය ඇබකසය විය. නේපියර් බෝන්ස් ක්‍රි.ව. 1614 දි  ජෝන් නේපියර් විසින්  සංඛ්‍යා ගුණ කිරීමට හැකි  "නේපියර් බෝන්ස්" නම්  උපකරණය ඇත් දළින් නිර්මාණය කරන ලදී. "පැස්කලයින් යන්ත්‍ර‍ය"   ක්‍රි.ව. 1642 දී ප්‍රංශ ජාතික ‍බ්ලේස් පැස්කල් "පැස්කලයින් යන්ත්‍ර‍ය" නිර්මාණය කරන ලදී.නමුත් මෙම යන්ත්‍රය මගින් සිදු කිරීමට හැකි වුයේ එකතු කිරීම හා අඩු කිරීම පමණි.   ස්ටෙප් රෙකෝනර්  (Step Reckoner ) ක්‍රි.ව 1674 දී  Gottfried Wilhelm Leibniz විසින් බ්ලේස් පැස්කල්ගේ ආකලන යන්ත්‍රය  ගුණකිරීම සහ බෙදීමද සිදු කල හැකි වන සේ වැඩි දියුණු කරන ලදී.